diff --git a/dev/books/input/kunala-jathaka.html b/dev/books/input/kunala-jathaka.html index a218eb2af..da8fab0b0 100644 --- a/dev/books/input/kunala-jathaka.html +++ b/dev/books/input/kunala-jathaka.html @@ -12,7 +12,7 @@

ඇරඹුමට පෙර වදනක්

ස්ත්‍රිය බඹසර ජීවිතයට මලකඩයක් (ඉත්ථි මලං බ්‍රහ්මචරියස්ස) බව දේශනා කොට වදාළ තැන් කිහිපයක් ම සූත්‍ර පිටකයේ දක්නට ලැබෙන අතර ස්ත්‍රිය කළු සර්පයෙකුට උපමා කොට වදාළ දේශනයක් ද කණ්ණසප්ප සූත්‍රය යන නමින් සූත්‍ර දේශනා අතර වේ.

පැවිදි ජීවිතයක් ගත කරන ස්වාමින් වහන්සේලා ස්ත්‍රිය සම්බන්ධයෙන් කටයුතු කළ යුත්තේ කෙසේ ද යන කරුණ ගැන බුදු රජාණන් වහන්සේ පිරිනිවන් මඤ්චකයේ දී වදාළ මෙම දහම් කරුණු දෙස බලන්න.

ධර්මභාණ්ඩාගාරික ආනන්ද ස්වාමින් වහන්සේ බුදු රජාණන් වහන්සේ ගෙන් මෙසේ අසා වදාළ සේක.

-

“ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ස්ත්‍රීන් කෙරෙහි අනුගමන කළ යුත්තේ කුමක් ද?”

+

“ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ස්ත්‍රීන් කෙරෙහි අනුගමනය කළ යුත්තේ කුමක් ද?”

“ආනන්දය, නො දැක සිටින්න, (අදස්සනං ආනන්ද).

“ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස දක්නට ලැබුනහොත් අනුගමනය කළ යුත්තේ කුමක් ද?”

“ආනන්දය, කථා නො කර සිටින්න, (අනාලාපෝ ආනන්ද).

@@ -53,7 +53,7 @@

ශාක්‍ය කෝලිය ගැටුම

නදී දිය කඳ තරහ වුනා....

එක කාලෙක පොසොන් මාසෙ නියඟයක් ඇති වුණා. තමන් ගේ ගමනට බාදා කරපු නිසා ද මන්ද, නදී දිය කඳ මිනිසුන් එක්ක තරහ වුනා. සුන්දර රෝහිණී නදියේ ජලය අඩුවෙලා ගියෙ බලාගෙන ඉඳිද්දි. වගා කරල තිබුණ ලා දලු ගොයම් මැරෙන්නට පටන් ගත්තා. ඒත් එක්ක ම මිනිසුන් ගේ සිත් සතනුත් මැලවෙන්න පටන් ගත්තා. දුක ශෝකය ඒ හිත්වලට රිංගගන්න වැඩි කාලයක් ගත වුනේ නැහැ. තමන් බොහෝ ම මහන්සි වෙලා වගා කරපු, නිල්පාටට කිරි වැදී ගෙන එන ගොයම් ටික මැරිල යනකොට මිනිස්සුන්ට හිතුනේ තමන් ගේ ජීවිතේ නැතිවෙලා යන්න හදනවා කියල යි. තම තමන් ගේ ගොයම බේරගන්න දෙපිරිස ම උනන්දුවෙන්න පටන් ගත්තා. ඒ අතරෙ ම කාටත් හොරෙන් ඊරිසියාවත් සිත්වලට රිංගුවා. තමන් ගෙ කුඹුරුයාය පහුකරගෙන අනිත් පිරිස ගේ කුඹුරුවලට ඇදිල යන වතුර ටික දැක්කා ම කාට කාට ත් ඉවසන්න ටිකක් අමාරු වුනා.

තණ්හාව යුද්ධයට මුල යි....
-

ඉතින් දෙහ නුවර ගොවි මහත්තුරු ටික කිඹුල්වත් නුවර ගොවි මහත්තුරුන්ට මෙහෙම කිව්වා.

+

ඉතින් දෙවුදහ නුවර ගොවි මහත්තුරු ටික කිඹුල්වත් නුවර ගොවි මහත්තුරුන්ට මෙහෙම කිව්වා.

“ඒයි... මේ අහපල්ලා. මෙහෙම ගියොත් අපි දෙගොල්ලන්ට ම වෙන්නේ එකට මැරෙන්න. මේ වතුර ටික අපි දෙගොල්ලො බෙදා ගන්ට ගියොත් දෙගොල්ලන් ගෙ ම කුඹුරු ටික මැරිලා යනවා. අපේ කුඹුරු පැහෙන්නේ එක දිය වරකින්. ඒක හින්ද අපිට ඉස්සෙල්ලා වතුර දීපල්ලා. ඊ ළඟට බැරියැ උඹල ගෙ ඒව පස්සගන්ට.”

මේ වගේ යෝජනාවකට ශාක්‍ය පිරිස කැමතිවෙන්නෙ නෑ කියන එක කියන්ට ත් දෙයක් නො වෙයි. ඉතින් ශාක්‍ය පිරිස මෙහෙම කිව්වා...

“ආ... ඒක හරි වැඩක් නෙව.. උඹල ගෙ ගොයම් පැහුණා ම, උඹල හොඳට අටුකොටු පුරවා ගනියි. එතකොට අපි රන් රිදී මුතු මැණික් පොදි බැඳගෙන, මලු උස්සගෙන උඹල ගෙ ගෙවල් ගානේ ඇන්ට එන්න ඕනෙ. අපිට නම් පුලුවන් කමක් නෑ ඒක කරන්ට. අපේ ගොයම් පැහෙන්නෙත් එක ම දිය වරකින්. ඕන නම් ඉස්සෙල්ලා අපිට වතුර ටික දීපල්ලා. ඊට පස්සේ උඹලා කැමති දෙයක් කරගනිල්ලා.”

@@ -71,14 +71,14 @@

ශාක්‍ය කෝලිය ගැටුම

මේ විදියට මේ ශාක්‍ය වංශික හා කෝලිය වංශික ගොවිපිරිස් එකිනෙකා සමඟ රණ්ඩු දබර කරගෙන, ඊට පස්සේ ඒ ගැන අදාළ ඇමතිවරුන්ට කිව්වා.

ඇමතිවරු ඒ පුවත රජ දරුවන්ට කිව්වා. එතකොට ශාක්‍ය රජදරුවො, “නංගිල ත් එක්ක හිටපු එවුන් ගේ හැටි පෙන්වන්නම්” කියල සටනට සූදානම් වෙලා කිඹුල්වත් නුවරින් නික්මුණා.

කෝලිය රජදරුවනුත්, “කොළොම් ගස් බෙනේ හිටවු එවුන් ගේ හැටි පෙන්වන්නම්” කියල සටනට සැරසිලා දෙව්දහ නුවරින් නික්මුණා.

-

මේ විදියට මේ දෙනුවර වාසීන් හැන්දෑ කාලෙ සටන් කරන්ට රෝහිණී ගංඟාගෙං ඉවුරට එක් රැස්වුණා.

+

මේ විදියට මේ නගර දෙකේම මිනිස්සු හැන්දෑ කාලෙ සටන් කරන්ට රෝහිණී ගගේ ඉවුරට එක් රැස්වුණා.

බුදු දෙනෙත යොමු වුනා....
-

ඉතින් මේ ශාක්‍ය කෝලිය දෙපිරිස යුද්ධයකට සූදානම් වෙද්දි, ඈත හිටපු අසිරිමත් කෙනෙක් ගේ නෙත් දෙක මේ සිදුවීමට යොමු වෙලා තිබුණා. ඒ තමයි ලෝක ශාන්තිදායකයාණන් වූ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ ගේ මහා කරුණාවෙන් පිරී ඉතිරී ගිය බුදු නෙත් දෙක.

+

ඉතින් මේ ශාක්‍ය කෝලිය දෙපිරිස යුද්ධයකට සූදානම් වෙද්දි, ඈත හිටපු අසිරිමත් කෙනෙක් ගේ නෙත් දෙක මේ සිදුවීමට යොමු වෙලා තිබුණා. ඒ තමයි තුන් ලෝකයටම ශාන්තිදායකයාණන් වූ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ ගේ මහා කරුණාවෙන් පිරී ඉතිරී ගිය බුදු නෙත් දෙක.

ඇත්තට ම ඒ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ මේ මුලු තුන් ලෝකයට ම තිලකයක් වගෙ යි. උන්වහන්සේ සියලු ඤාණ සාගරයේ පරතෙරට පත් වුනා. ඒ වගේ ම අනන්ත ගුණ දරාගෙන වැඩ සිටියා. ඒ භාග්‍යවතුන් වහන්සේ තුන් ලෝකයේ ම සිටින සත්වයින්ට යහපත ඇති කරගැනීමට අනුශාසනා කරනවා. ජාති ජරා මරණ ආදී දුක් වලින් පිරුණු සංසාර සාගරයෙන් සත්වයින් ව එතෙර කරවලා නිර්වාණ ක්ෂේම භූමියට පත්කරවන්නෙ ත් ඒ බුදු සමිඳුන් ම තමයි.

ඉතින් ඒ වෙනකොට බුදු රජාණන් වහන්සේ වැඩ සිටියේ සැවැත් නුවර අනේපිඬු සිටුතුමා විසින් කරවපු ජේතවන ආරාමයේ යි.

මහාකාරුණිකෝ නාථෝ....
-

වෙන දා වගේ ම එදත් උදැසන අපේ භාග්‍යවතුන් වහන්සේ සුවිසි කෙළ ලක්ෂයක් නයින් සපිරුණු මහා කරුණාසමාපත්තියට සමවැදිල පිහිට වෙන්ට ඕනෙ කාට ද කියල විමසල බැලුවා. ඒ විදියට මහාකරුණා සමාපත්තියට සම වැදුනු තථාගතයන් වහන්සේ ගේ කරුණා ජාලයට හසු වූයේ මේ සටනට සැරසී සිට ශාක්‍ය කෝලිය දෙපිරිස යි. ද්වේශය කියන නියඟය නිසා ශාක්‍ය කෝලිය දෙපිරිසේ සිත් සතන් වල ඇවිලුනු විහිංසා ගිනි දැල් නිවා දාන්න, රෝහිණී නදියේ විතරක් නෙමේ මුලු මහ සමුදුරේ ම ජලය අරගෙන ආවත් බෑ කියන එක බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ ගේ බුදු නුවණින් දුටුවා. නමුත් තමන් වහන්සේගෙ බුදු හඳමඬලින් ගලාගෙන යන අමාදම් වැස්සෙන් නම්, ඒ සිත් සතන් නිවා සනසන්න පුලුවන් කියල ත් බුදු රජාණන් වහන්සේ දුටුවා.

-

ඉතින් එදා පෙරවරුවේ භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවරට පිඬු සිඟා වැඩියා. පිඬු සිඟා වැඩල, දන් පැන් වළඳල, අනේපිඬු සිටුතුමා ඉතාමත් ශ්‍රද්ධාවෙන් යුතු ව සම්පූර්ණයෙන් ම සඳුන් ලී වලින් කරවපු ගඳ කිළියේ, භාවනා සුවයෙන් වැඩ සිටියා.

+

වෙන දා වගේ ම එදත් උදැසන අපේ භාග්‍යවතුන් වහන්සේ සියලු සත්ත්වයන් කෙරෙහි මහා කරුණාවෙන් මහා කරුණාසමාපත්තියට සමවැදිල පිහිට වෙන්ට ඕනෙ කාට ද කියල විමසල බැලුවා. ඒ විදියට මහාකරුණා සමාපත්තියට සම වැදුනු තථාගතයන් වහන්සේ ගේ කරුණා ජාලයට හසු වූයේ මේ සටනට සැරසී සිට ශාක්‍ය කෝලිය දෙපිරිස යි. ද්වේශය කියන නියඟය නිසා ශාක්‍ය කෝලිය දෙපිරිසේ සිත් සතන් වල ඇවිලුනු විහිංසා ගිනි දැල් නිවා දාන්න, රෝහිණී නදියේ විතරක් නෙමේ මුලු මහ සමුදුරේ ම ජලය අරගෙන ආවත් බෑ කියන එක බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ ගේ බුදු නුවණින් දුටුවා. නමුත් තමන් වහන්සේගෙ බුදු හඳමඬලින් ගලාගෙන යන අමාදම් වැස්සෙන් නම්, ඒ සිත් සතන් නිවා සනසන්න පුලුවන් කියල ත් බුදු රජාණන් වහන්සේ දුටුවා.

+

ඉතින් එදා පෙරවරුවේ භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවරට පිඬු සිඟා වැඩියා. පිඬු සිඟා වැඩම කරලා, දන් පැන් වළඳලා, අනේපිඬු සිටුතුමා ඉතාමත් ශ්‍රද්ධාවෙන් යුතු ව සම්පූර්ණයෙන් ම සඳුන් ලී වලින් කරවපු ගඳ කිළියේ, භාවනා සුවයෙන් වැඩ සිටියා.

ඊට පස්සෙ හවස් කාලෙදි, රත් ගල් ගුහාවකින් නික්මිලා යන කේෂර සිංහ රාජයෙක් වගේ, පාත්තර සිවුරු ත් අරගෙන ගන්ධ කුටියෙන් නික්මුණු භාග්‍යවතුන් වහන්සේ, රෝහිණී නදී තීරයේ ශාක්‍ය කෝලිය දෙපිරිස රැස් වෙලා සිටින තැනට වැඩම කොට වදාළා.

එතැනට වැඩ ම කළ බුදු රජාණන් වහන්සේ දෙපිරිස මැද ආකාසයේ පළඟක් බැඳ ගෙන වැඩ සිටියා. ශාක්‍ය කෝලිය දෙපිරිස බුදු රජාණන් වහන්සේ ව දකින්ට කලින් ඒ දෙපිරිස සංවේගයට පත් කරන්ට ඕනෙ කියල භාග්‍යවතුන් වහන්සේ තීරණය කළා.

අසිරිමත් ය ඒ බුදු ගුණ....
@@ -220,9 +220,9 @@

කුණාල ජාතක දේශනාව

මෙහෙම කියපු කුණාල රජතුමා තමන් ගේ යහලු ඵුස්ස කෝකිල රජතුමාව ත් එක්ක ගෙන හිමාල වනයේ අර ගල්තලාව මත තිබුණු සල් රුක් සෙවනට ගියා.

ඒ සල් රුක් සෙවණ අසල තිබුණු තුන් යොදුන් රන්සිරියෙල් ගල් තලාවේ එක් පසෙකින් ඵුස්ස කෝකිල රජතුමා තමන් ගේ පිරිවර ත් සමඟ සිටියා.

මේ සිදුවීම දැකපු පර්වත වල වාසය කරන දෙවිවරු, “අද කුණාල රජතුමා මනෝසිලා තලය මත හිඳගෙන සර්වඥ විලාශයෙන් ධර්මය දේශනා කරනවාලු, ඒ ධර්මය අසන්නට රැස් වෙන්න” කියා එකිනෙකාට පවසන්නට වුණා. මෙය ඝෝෂාවක් මෙන් පැතිර ගියා.

-

ඒ ශබ්දය චාතුම්මහාරාජික දෙව්ලොවේ දෙවිවරුන්ට ත් අසන්නට ලැබුණා. ඉතින් ඒ ක්‍රමයෙන් සදෙව්ලොවේ ම දෙවිවරුන්ට මේ පණිවිඩය අසන්නට ලැබුණා. සදෙව්ලෝක වාසී දෙවිවරු ත් බොහෝ පිරිසක් ඒ ධර්මය දේශනා කරන තැනට රැස් වුනා.

+

ඒ ශබ්දය චාතුර්මහාරාජික දෙව්ලොවේ දෙවිවරුන්ට ත් අසන්නට ලැබුණා. ඉතින් ඒ ක්‍රමයෙන් සදෙව්ලොවේ ම දෙවිවරුන්ට මේ පණිවිඩය අසන්නට ලැබුණා. සදෙව්ලෝක වාසී දෙවිවරු බොහෝ පිරිසක් ඒ ධර්මය දේශනා කරන තැනට රැස් වුනා.

සදහම් ඇසුමට රැස්වී...
-

ඒ වගේ ම බොහෝ නාග පිරිස් ද, සුපර්ණ පිරිස් ද, හිමාලවනයට ආසන්න ව පිහිටි වනාන්තර වල භූමාටු දෙරු ද මේ සදහම් ඝෝෂාව නිසා එතැනට රැස් වුනා. ඒ දවස් වල ‘අනද’ කියල ගිජු ළිහිණි රජෙක් දස සහසක් පමණ ගිජු ළිහිණියන් පිරිවරාගෙන ගිජුකුලු පව්වේ වාසය කරනවා. මේ ධර්ම දේශනා කාලය ගැන අසන්නට ලැබුණු ඒ ගිජු ළිහිණි රජතුමා ත් තමන් ගේ පිරිවර ත් සමඟ පැමිණිලා එකත් පසෙක හිඳ ගත්තා.

+

ඒ වගේ ම බොහෝ නාග පිරිස් ද, සුපර්ණ පිරිස් ද, හිමාලවනයට ආසන්න ව පිහිටි වනාන්තර වල භූමාටු දෙවිවරුන් ද මේ සදහම් ඝෝෂාව නිසා එතැනට රැස් වුනා. ඒ දවස් වල ‘අනද’ කියල ගිජු ළිහිණි රජෙක් දස සහසක් පමණ ගිජු ළිහිණියන් පිරිවරාගෙන ගිජුකුලු පව්වේ වාසය කරනවා. මේ ධර්ම දේශනා කාලය ගැන අසන්නට ලැබුණු ඒ ගිජු ළිහිණි රජතුමා ත් තමන් ගේ පිරිවර ත් සමඟ පැමිණිලා එකත් පසෙක හිඳ ගත්තා.

ඒ වගේ ම ඒ දවස් වල නාරද කියන තපස්වීන් වහන්සේ කෙනෙක් තමන් ගේ දසදහසක් පමණ වූ ගෝල තපස්වීන් වහන්සේලා ත් සමඟ හිමාල වනයේ වාසය කරනවා. ඒ තාපසයන් වහන්සේලා සියලු දෙනා ම අභිඤ්ඤාලාභී උත්තමයන් වහන්සේලා. ඒ නාරද තපස්වීන් වහන්සේ ත් කුණාල රජතුමා ත් හිත මිත්‍රයෝ. ඉතින් නාරද තාපසයන් වහන්සේට ත් තමන් ගේ මිත්‍රයා අද ධර්මය දේශනා කරන බව අසන්නට ලැබුණා. ‘මම ත් අද ධර්ම දේශනාව අසන්නට ඕනෑ’ කියා තමන් ගේ ගෝල තපස්‍වීන් වහන්සේලා ත් සමඟ රන්සිරියෙල් ගල් තලාව මතට වැඩියා. සර්වඥ කෙනෙකුන් වහන්සේ ගේ ධර්ම දේශනාවකට පිරිස රැස් වෙනව වගේ තමයි එදා බෝසත් කුණාල රජතුමා ගේ ධර්ම දේශනාව අසන්නට පිරිස රැස් වුනේ.....

සාදු ! සාදු !! නමඳිමු සදහම්....

ක්‍රිෂ්ණා කුමාරිකාවගේ කථාව

@@ -234,22 +234,22 @@

ක්‍රිෂ්ණා කුමාරිකාවගේ කථාව“දුවේ.. ඔයා පුංචි කාලේ, ඔයා ගේ පියා ඔයා වෙනුවෙන් කැමති වරයක් ගන්න කියල මට කිව්වා. දැන් ඔයාට කැමති වරයක් ලබා ගන්න.”

ලැජ්ජ නැතිකමේ තරමක්...

ඊට පස්සේ ඒ ක්‍රිෂ්ණා කුමාරිකාව තමන් ලබා ගත යුත්තේ කුමන වරයක් ද කියා කල්පනා කරන්නට වුනා. ඇය රජ කුමරියක් නිසා කිසි දෙයක අඩුවක් ඇයට තිබුණේ නැහැ. නමුත් ඇය ඉතා ම ත් රාගාදික තැනැත්තියක්. ඒ නිසා ඇය තමන් ගේ ලැජ්ජා බය නැති කරගෙන මෙහෙම කල්පනා කළා.

-

“මට ස්වාපුරුෂයෙක් හැර වෙන කිසි දෙයකින් අඩුවක් නෑ. ඒ නිසා මම මගේ වරය හැටියට ස්වාපුරුෂයෙක් ව ඉල්ලන්නට ඕනෑ.”

+

“මට ස්වාමිපුරුෂ‍යෙක් හැර වෙන කිසි දෙයකින් අඩුවක් නෑ. ඒ නිසා මම මගේ වරය හැටියට ස්වාමිපුරුෂ‍යෙක් ව ඉල්ලන්නට ඕනෑ.”

එහෙම හිතපු ඇය ඒ බව තමන් ගේ මෑණියන්ට කිව්වා. අග බිසව ත් ඒ කරුණ තමන් ගේ ස්වාමිපුරුෂයා වූ බ්‍රහ්මදත්ත රජතුමාට සැලකළා.

බ්‍රහ්මදත්ත රජතුමා ත්, ‘එහෙනම් කැමති පුරුෂයෙක් තෝරාගන්න’ කියා නුවර පුරා අණබෙර යවා පුරුෂයන් රැස් කරවූවා. ක්‍රිෂ්ණා කුමාරිකාව ත් කැමති පුරුෂයෙක් ව තෝරාගැනීම පිණිස, මල් මාලාවන් ද රැගෙන, සර්වාභරණයන් ගෙන් සැරසී උතුරු සීමැදුරු කවුලුව අසල සිට බලා ගෙන සිටියා.

රැස්වෙලා හිටපු හැම පුරුෂයෙක් දිහා ම බැලුවත් ඇය ගේ හිතට හරියන කෙනෙක් ඒ පුරුෂයන් අතර සිටියේ නැහැ. ඒ නිසා ඇය අපේක්ෂා භංගත්වයෙන් යුක්ත වූ බැල්මෙන් යුතු ව බලා ගෙන සිටියා.

-

ඒ දවසේ ම පාණ්ඩව රාජ ගෝත්‍රයේ අර්ජුන, නකුල, භීමසේන, යුධීෂ්ධීර, සහදේව කියන රාජ කුමාරවරු පස් දෙනා තක්සලා නුවර දිසාපාමොක් ආචාර්යයන් වහන්සේ ඇසුරෙන් ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගෙන, ගුණ දොස් පරීක්ෂා කිරීම සඳහා දඹදිව පුරා චාරිකායෙන අතරතුර බරණැස් නුවරට ත් පැවිසියා.

-
පස් දෙනා ම ඕනෙ....
+

ඒ දවසේ ම පාණ්ඩව රාජ ගෝත්‍රයේ අර්ජුන, නකුල, භීමසේන, යුධීෂ්ධීර, සහදේව කියන රාජ කුමාරවරු පස් දෙනා තක්සලා නුවර දිසාපාමොක් ආචාර්යයන් වහන්සේ ඇසුරෙන් ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගෙන, ගුණ දොස් පරීක්ෂා කිරීම සඳහා දඹදිව පුරා චාරිකායෙන අතරතුර බරණැස් නුවරට ත් පිවිසියා.

+
පස් දෙනාව ම ඕනෙ....

ඉතින් මේ කුමාරවරුන්ට ත් අර අණබෙරය අසන්නට ලැබුණා. ඒ පිළිබඳ ව විමසා දැනගත් මේ පස්දෙනා ත් ක්‍රිෂ්ණා කුමරිය ගේ ස්වයංවර උත්සවය පැවැත්වෙන තැනට ගියා. පාණ්ඩව ගෝත්‍රයේ මේ කුමාරවරු පස්දෙනා ගෙ ශරීර රත්තරන් පිළිම වගේ ඉතාමත් සුන්දර යි. මේ කුමාරවරු පස් දෙනා දැකපු ක්‍රිෂ්ණා කුමාරිට ඒ පස් දෙනා ගැන ම දැඩි රාගයක් ඇති වුනා. ඊට පස්සේ තමන් ගේ මෑණියන්ට මේ විදියට කිව්වා.

“මෑණියනි, අර රන්පිළිම වගේ බැබලෙන කුමාරවරු පස් දෙනාට ම මම කැමති යි. මට ඒ පස් දෙනා ම විවාහ කරගන්නට ඕනෑ.”

-

එහෙම කියපු ක්‍රිෂ්ණා කුමාරිකාව ඒ කුමාරවරු පස්දෙනාට ම මල් මාලා දැමුවා. රජ බිසවුන් වහන්සේ මේ ගැන බ්‍රහ්මදත්ත රජතුමාට පැවසුවා. ඒ පුවතට සවන් දුන්න බ්‍රහ්මදත්ත රජ්ජුරුවන් ගේ සිතේ ඒ ගැන කැමැත්තක් ඇති වුනේ නැහැ. නමුත් තමන් වරයක් ලබා දී තිබුනු නිසා රජතුමාට කිසි ම දෙයක් කරගන්නට නො හැකි වුනා. ඔහුට සිවුනේ ක්‍රිෂ්ණා කුමාරි ගේ අදහසට ඉඩ දෙන්නට පමණ යි.

+

එහෙම කියපු ක්‍රිෂ්ණා කුමාරිකාව ඒ කුමාරවරු පස්දෙනාට ම මල් මාලා දැමුවා. රජ බිසවුන් වහන්සේ මේ ගැන බ්‍රහ්මදත්ත රජතුමාට පැවසුවා. ඒ පුවතට සවන් දුන්න බ්‍රහ්මදත්ත රජ්ජුරුවන් ගේ සිතේ ඒ ගැන කැමැත්තක් නම් ඇති වුනේ නැහැ. නමුත් තමන් වරයක් ලබා දී තිබුනු නිසා රජතුමාට කිසි ම දෙයක් කරගන්නට නො හැකි වුනා. ඔහුට ක්‍රිෂ්ණා කුමාරි ගේ අදහසට ඉඩ දෙන්නට සිදු උනා.

අහෝ ! මෙවැනි ජීවිත...

ඉතින් රජතුමා ඒ කුමාරවරුන් කවරෙකු ගේ පුතුන් දැ යි කියා විමසා සිටියා. ඔවුන් පාණ්ඩව රාජ කුමාරවරුන් බව දැනගත් බ්‍රහ්මදත්ත රජතුමා තමන් ගේ සිතේ ඇති වුන නොසතුට නැති කරගෙන සතුටට පත් වුනා. ඒ කුමාරවරුන්ට මහත් වූ සත්කාර සම්මාන කරල රාජ කුමාරවරුන් පස් දෙනා ට ක්‍රිෂ්ණා කුමාරිය ව සරණපාවා දුන්නා.

ඒ කුමාරිකාව ත් තමන් ගේ සත්මහල් ප්‍රාසාදයේ ඒ කුමාරවරුන් පස් දෙනා සමග කාමසේවනයේ යෙදෙමින් වාසය කරන්නට වුනා.

ඒ දවස්වල එම සත්මහල් ප්‍රාසාදයේ ප්‍රධාන දොරටුව අසල විසිලු මුහුණක් ඇති, අත් පා කොර වූ, පපුවේ මුහුණ තිබෙන්නාක් සේ පෙනෙන, එක්තරා විරූපී කුදු මිනිසෙක් සිටියා. මේ කොර මිනිසා දුටු සැණින් ක්‍රිෂ්ණාවන් ගේ සිතේ ඔහු ගැන ත් ඉතා දැඩි රාගයක් හට ගත්තා. ඉතින් රාජ කුමාරවරුන් පස්දෙනා ප්‍රාසාදයෙන් පිටතට ගිය අවස්ථාවක තමන් ගේ රාගය ඉවසා ගත නො හැකි වී ඒ ඇය කොර මිනිසා සමඟ අනාචාරයේ හැසිරුනා. ඉන් පසු ඔහුට මෙසේ කිව්වා.

කපටි රැජිණ....

“මම ඔයාට තරම් වෙන කාටවත් ආදරේ නෑ. මේ රජකුමාරවරුන් පස්දෙනා මරල උන් ගේ බෙල්ලෙන් ගලන ලේ වලින් ඔයා ගේ සිරිපතුල් හෝදන්ට මම කැමති යි”. මේ ආදී වශයෙන් ඒ කොර මනුස්සයාට චාටු බස් කියන්න පටන් ගත් ක්‍රිෂ්ණා, රජ කුමාරවරු අතරින් වැඩිමහලු කෙනා සමග එක් වූ ඔහු ගේ සිත ගන්නට මෙසේ කියනවා.

-

“ස්වාමීනි, මේ අනිත් කුමාරවරුන්ට වඩා මම ගොඩාක් ම ආදරේ ඔබ වහන්සේට යි. ඔබ වහන්සේ වෙනුවෙන් මගේ ජීවිතේ උනත් පරිත්‍යාග කරන්ට මට පුලුවන්. මගේ පිය රජතුමා කලුරිය කළා ම මම මේ රාජ්‍ය ඔබට ලබා දෙනවා.”

+

“ස්වාමීනි, මේ අනිත් කුමාරවරුන්ට වඩා මම ගොඩාක් ම ආදරේ ඔබ වහන්සේට යි. ඔබ වහන්සේ වෙනුවෙන් මගේ ජීවිතේ උනත් පරිත්‍යාග කරන්ට මට පුලුවන්. මගේ පිය රජතුමා කලුරිය කළා ම මම මේ රාජ්‍යය ඔබට ලබා දෙනවා.”

වැඩිමහලු කුමාරයා ගාව දී මෙහෙම කියන ක්‍රිෂ්ණා අනිත් කුමාරවරුන් සමඟ එකතු වූ විට ත් වෙන වෙන ම ඒ විදියට ම කියනවා.

ඉතින් ඒ කුමාරවරු ත් මේ චාටු බස් වලට රැවටිලා, ‘මේ තැනැත්තිය මට ම යි වැඩිපුර ආදරය කරන්නේ, මැය නිසා තමයි ඉදිරියේ දී මට රජ වෙන්න ත් පුලුවන් වෙන්නේ’ යැ යි වෙන වෙන ම සිතා ඇයට වඩ වඩා ත් සෙනෙහස දක්වනවා.

මේ විදියට ටික දවසක් ගතවෙන කොට මේ ක්‍රිෂ්ණා කුමාරිකාවට අසනීපයක් හැදුනා. වැඩිමහලු රජ කුමාරයා ක්‍රිෂ්ණා කුමාරිකාව ගේ හිස තමන් ගේ ඔඩොක්කුවේ තබා ගෙන සිටියා. අනිත් කුමාරවරු සතර දෙනා ක්‍රිෂ්ණා කුමාරි ගේ දෑත් දෙපා පිරිමදිමින් සිටියා. අර අත් පය කොර වූ මිනිසා ත් එතැන පාමුල වැතිරී හිඳගෙන සිටියා.

@@ -457,7 +457,7 @@

කින්නරා දේවියගේ කථාව

“අනේ පින්වත්නි, මගේ බිරිඳ ගර්භනී වෙලයි ඉන්නේ. ඉතින් උදව්වට කවුරු ත් නැති නිසා, මම ඇය ව ඇගේ දෙමව්පියන් ගෙ නිවසට ගෙනිහිං අරින්ට හිතා ගෙන එක්කගෙන ආවා. මේ අතර මඟ දි ම ඇයට විලිරුදාව හැදුනා. අර පේන තිරය ඇතුළෙ මහ දුකක් විඳිනවා. ඒත් මට කරන්ට දෙයකුත් නැහැ. මට එතෙන්ට යන්ට ත් බැහැ. අනේ පුලුවන් නම් එක ගෑනු කෙනෙක් දෙන්න.”

“ඕක සුළු දෙයක් නෙ. අපි ත් එක්ක ගොඩක් කාන්තාවෝ ඇවිල්ලා ඉන්නවා. එතනින් එක්කෙනෙක් දෙන්නම්”. ගෘහපතියා එහෙම කිව්වහ ම පුරෝහිත බමුණා මේ විදියට කිව්වා.

“ඒත් පොඩි ගැටලුවක් තිබෙනවා. අපේ කුල චාරිත්‍රයක් තිබෙනවා. කන්‍යා ස්ත්‍රියක් තමයි දරුවෙක් වදන්න උදව් කරන්ට ඕනෙ. එහෙම උදව් කරන කන්‍යාවට ගොඩාක් යස ඉසුරු ත් ලැබෙනවා.”

-

පුරෝහිතයා එහෙම කිව්වහම අර ගෘහපතියා හිතුවේ ඒක ඇත්තක් ම තමයි කියල යි. ඉතින් ඔහු හිතුවා, ‘මේක නම් බොහොම සුභ නිමින්තක්. මගේ මේ ලේලිට හොඳට දරුමුණුපුරන් ලැබිල අපේ ගෙදර ස්ථීර වේවි. මේක මේ බමුණ හොඳට දැන ගෙන ම යි කියන්න ඇත්තේ.’ ඉතින් ඒහෙම හිතපු ඔහු තමන් ගේ පුතාට සරණ පාවාදෙන්නට කැඳවාගෙන යන අර කුමාරිකාව ව උදකිරීම පිණිස යැව්වා.

+

පුරෝහිතයා එහෙම කිව්වහම අර ගෘහපතියා හිතුවේ ඒක ඇත්තක් ම තමයි කියල යි. ඉතින් ඔහු හිතුවා, ‘මේක නම් බොහොම සුභ නිමින්තක්. මගේ මේ ලේලිට හොඳට දරුමුණුපුරන් ලැබිල අපේ ගෙදර ස්ථීර වේවි. මේක මේ බමුණ හොඳට දැන ගෙන ම යි කියන්න ඇත්තේ.’ ඉතින් ඒහෙම හිතපු ඔහු තමන් ගේ පුතාට සරණ පාවාදෙන්නට කැඳවාගෙන යන අර කුමාරිකාව ව උදවුකිරීම පිණිස යැව්වා.

අනංගයා වගෙ යි....

කුමාරිකාව ත් ඇදල තිබුණු තිරය ඇතුළට ගියා ම, අනංගයා ගේ වගේ සුන්දර රූපයක් තිබෙන රජතුමා ව දැක්කා. දැක්ක ගමන් රාගය ඇති වුනා. ඉන් පසු ව ඒ රජතුමා ත් සමඟ අනාචාරයේ හැසිරුණා. රජතුමා ත් ‘මැගේ අභිනව ක්‍රියාව පවා මේ වගේ නෙ’ කියල බොහොම සතුටට පත් වෙලා, තමන් ගේ ලක්ෂයක් වටින පේරැස් මුද්ද ගලවලා ඒ කුමාරිකාව ගේ ඇඟිල්ලේ පැළදුවා. ඉන්පසු ඇය පිටත් වුනා.

ගෘහපතිතුමා, ඒ කුමාරිකාව ගෙන් වදපු දරුවා ගැන විමසුවා. එ ඒ කුමාරිකාව පිළිතුරු දුන්නේ, රන්වන් පුතෙක් වැදුවා කියල යි. ගෘහපතිතුමා ත් ඒ ගැන බොහො ම සතුටට පත් වෙලා ඇය රැගෙන පිටත් වුනා.

@@ -471,7 +471,7 @@

කින්නරා දේවියගේ කථාව

ඉතින් මේ විදියට ඒ පඤ්චාල චණ්ඩ නම් පුරෝහිත බමුණා ස්ත්‍රීන් ගේ නුගුණ නොයෙක් ක්‍රමවලින් රජතුමා ගේ සිතට ඒත්තු ගැන්වූවා. ඉන්පසු තවදුරට ත් නුගුණ පරීක්ෂා කිරීමට දඹදිව චාරිකාවේ පිටත් වන්නට සූදානම් වුනා.

එවිට රජතුමා මෙහෙම කිව්වා.

“යාලුවා... මුලු දඹදිව ම ඇවිද්දත් මේ ස්ත්‍රීන් ගේ නුගුණ මේ වගේ ම නම්, තවදුරට ත් ඒ දේවල් දැකීමෙන් අපිට මොන ඵලක් ද? මේ දැක්ක ටික හොඳට ම ඇති” කියා ආපසු බරණැස් නුවරට ම ආවා.

-

ඉන්පසු පුරෝහිත බමුණා, ‘සියලු ස්ත්‍රීන් ගේ නුගුණ මේ වගේ තම යි, ස්ත්‍රී ජාතිය පාපී අදහස් ඇති පිරිසක්. ඒ නිසා කින්නරා දේවියට සමාව දෙන්න කියා’ රජතුමාගෙන් ඉල්ලා සිටියා. රජතුමා ත් ඇයට සමාව දී අගබිසෝ තනතුරින් පහකළා. වෙනත් බිසවුන් වහන්සේ නමක් අග බිසව බවට පත් කරගත්තා.

+

ඉන්පසු පුරෝහිත බමුණා, ‘සියලු ස්ත්‍රීන් ගේ නුගුණ මේ වගේ තම යි, ස්ත්‍රී ජාතිය පාපී අදහස් ඇති පිරිසක්. ඒ නිසා කින්නරා දේවියට සමාව දෙන්න කියා’ රජතුමාගෙන් ඉල්ලා සිටියා. රජතුමා ත් ඇයට සමාව දී අගබිසෝ තනතුරින් පහකළා. වෙනත් බිසවුන් කෙනෙක් අග බිසව බවට පත් කරගත්තා.

අර කොරාව ත් ඝාතනය කළේ නැහැ. ඔහු ව එතැනින් ඉවත් කොට, රජ ගෙදර පැත්තට නැමුණු දඹ අත්ත ද කපා ඉවත් කළා. ඉන්පසු ව පුරෝහිතයා ගේ අනුශාසනා පරිදි රාජ්‍ය පාළන කටයුතු සිකළා.

ඉතින් මේ විදියට ස්ත්‍රීන් ගේ නුගුණ ප්‍රකාශ කළ කුණාළ රජතුමා තවදුරට ත් ඒ ගැන සඳහන් වන කථාවක් මේ විදියට ඉදිරිපත් කළා.

පංචපාපාගේ කථාව

@@ -671,7 +671,7 @@

තවත් කරුණු

එන්නේ නම් පණ පුදාගෙන...

මේ ස්ත්‍රීන්ට ධන ධාන්‍ය වලින් ආඪ්‍ය වූ පොහොසත් පුරුෂයෙක් ව දැක ගන්නට ලැබුණහොත් ජීවිතය පරිත්‍යාග කරන්නට එන කෙනෙක් වගෙයි ඔහු ළඟට යන්නේ. ඉන්පසු රාගයෙන් රත් වූ සිත් ඇති ඔහු ව, සල්ගසක් වෙලා ගන්නා මාලුවා වැලක් වගේ ඉතා දැඩි ව වෙලාගෙන පීඩාවට පත් කරනවා.

ලස්සනට සැරසීමෙන් අලංකාර කරගත් ශරීර හා මුහුණු ඇති, සියගණන් මායාවන් ගේ දක්ෂ ඒ ස්ත්‍රීන් සම්බර නම් වූ අසුරයා මෙන්, මායාකාරයෙකු මෙන් නොයෙක් ආකාරයෙන් පුරුෂයා ගේ සිත අලවනවා. හඬ නඟා සිනාසෙනවා. මදහස පානවා.

-

ඒ විතරක් නො වෙයි, මහා තේජසකින් යුක්ත ස්ථානෝචිතප්‍රඥාවෙන් යුක්ත, බොහෝ පිරිසක් විසින් සත්කාර සම්මාන ලබන්නා වූ ලෝක පූජිත වූ උත්තම පුරුෂයෙක් වුනත්, යම් යකින් ස්ත්‍රියක ගේ වසඟයට පත් වුනහොත් ඔහු රාහු ගේ ග්‍රහණයට හසු වූ සඳ දෙව්පුත් මෙන් තෙද රහිත භාවයට පත් වෙනවා. විනාශ වී යනවා.

+

ඒ විතරක් නො වෙයි, මහා තේජසකින් යුක්ත ස්ථානෝචිතප්‍රඥාවෙන් යුක්ත, බොහෝ පිරිසක් විසින් සත්කාර සම්මාන ලබන්නා වූ ලෝක පූජිත වූ උත්තම පුරුෂයෙක් වුනත්, යම් හෙයකින් ස්ත්‍රියක ගේ වසඟයට පත් වුනහොත් ඔහු රාහු ගේ ග්‍රහණයට හසු වූ සඳ දෙව්පුත් මෙන් තෙද රහිත භාවයට පත් වෙනවා. විනාශ වී යනවා.

කිපුණු දුෂ්ට සිත් ඇති සතුරෙක් තමන්ට අහුවුනු තමන් ගේ සතුරෙකුට කරන්නේ යමක් ද, ස්ත්‍රීන් ගේ වසඟයට පත් වූ තණ්හා සහිත පුරුෂයා ඊට වඩා විශාල විපතකට පත් වෙනවා.

තා කුලේසු විසිඛන්තරේසු වා

@@ -708,7 +708,7 @@

තවත් කරුණු

නිබ්බුතේහි සුචීහි න දුල්ලභං

යේ චරන්ති පමදාහනත්ථිකා

-

නිවන කියන්නේ කෙලෙස් ගිනි නිවී ගිය තැනක්. හැම දුකක් ම ඉක්මවා ගිය තැනක්. නිර්භය භාවය ඇති කරන තැනක්. කිසි දිනෙක වෙනස් නො වන දෙයක්. කෙලෙසුන් ගෙන් කම්පා නො වන දෙයක්. හේතු ඵල දහමින් සකස් නො වූ දෙයක්. පිරිසිදු අය විසින් ම ලබා ගත යුතු දෙයක්. යම් කිසි කෙනෙක් ‘මට නම් ස්ත්‍රීන් ගෙන් වැඩක් නැහැ’ කියා ඇල්ම දුරු කොට හැසිරෙනවා නම්, ඔවුන්ට අන්න ඒ අමා මහ නිවන අවබෝධ කර ගැනීම ත් දුර්ලභ වන්නේ නැහැ.”

+

නිවන කියන්නේ කෙලෙස් ගිනි නිවී ගිය තැනක්. හැම දුකක් ම ඉක්මවා ගිය තැනක්. නිර්භය භාවය ඇති කරන තැනක්. කිසි දිනෙක වෙනස් නො වන දෙයක්. කෙලෙසුන් ගෙන් කම්පා නො වන දෙයක්. හේතු ඵල දහමින් සකස් නො වූ දෙයක්. පිරිසිදු අය විසින් ම ලබා ගත යුතු දෙයක්. යම් කිසි කෙනෙක් ‘මට නම් ස්ත්‍රීන් ගෙන් වැඩක් නැහැ’ කියා ඇල්ම දුරු කොට ධම්මානුධම්ම ප්‍රතිපදාවේ හැසිරෙනවා නම් , ඔවුන්ට අන්න ඒ අමා මහ නිවන අවබෝධ කර ගැනීම ත් බොහෝ දුර වන්නේ නැහැ.”

ඉතින් මෙන්න මේ විදියට එදා හිමාල පර්වතයේ තුන් යොදුන් උසැති රන්සිරියෙල් ගල්තලාව මත වැඩ හිදිමින් කුණාල කියන බෝසත් රජතුමා, ස්ත්‍රීන් ගේ නුගුණ විදහා දැක්වෙන ආකාරයට තමන් ගේ ධර්ම දේශනාව පැවැත්වුවා.

ඒ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කළ, දෙව් බඹුන් ඇතුලු විශාල පිරිසක්, ඉතාමත් සතුටින් යුතු ව සාධුකාර නංවමින් ඒ දේශනාව අනුමෝදන් වුනා. ඉන් පසු ව කුණාල බෝසත් රජතුමාට ස්තූති කරල වන්ඳනා කරල පිටත් වෙලා ගියා.

අනද නම් ගිජුළිහිණි රජතුමා ත්, නාරද නම් තපස්වීන් වහන්සේ ත් ඵුස්ස නම් වූ කොවුල් රජතුමා ත් තම තමන් ගේ පිරිවර සමඟින් තමන් වාසය කරන ස්ථානවලට ම පිටත් වෙලා ගියා. කුණාල කියන බෝධිසත්වයන් වහන්සේ ත් තමන් ගේ පිරිවර ත් සමඟ තමන් ගේ වාසස්ථානය කරා ගියා.

@@ -717,8 +717,8 @@

තවත් කරුණු

මේ විදියට එදා භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ, අලුතෙන් පැවිදි වූ ස්වාමින් වහන්සේලා පන්සිය නමට හිමාල පර්වතයේ තුන් යොදුන් උසැති රන්සිරියෙල් ගල්තලාව මත වැඩහිඳිමින් මේ දේශනාව පවත්වා වදාළා.

අපේ බෝධිසත්වයන් වහන්සේ ඒ කුණාල රජතුමා වෙලා හිටපු කාලේ, ඵුස්ස කියන කොවුල් රජතුමා වෙලා ඉපදිලා සිටියේ උදායි ස්වාමින් වහන්සේ යි. ඒ දවස්වල නාරද කියන තාපසයන් වහන්සේ වෙලා ඉපදිලා සිටියේ අග්‍රශ්‍රාවක සාරිපුත්ත මහරහතන් වහන්සේ යි.

හිමාල කන්ද වගේ දුකක් ගෙවා දැම්මා...
-

ඉතින් ස්ත්‍රීන් ගේ නුගුණ ඉතා හොඳින් කියැවෙන මේ සුන්දර ධර්ම දේශනාවට සවන් දුන්න ඒ ස්වාමින් වහන්සේලා පන්සියය ම මේ ධර්ම දේශනාව ඉතා සතුටින් සාධුකාර නංවමින් පිළිගත්තා. ඒ ධර්ම දේශනාව අවසන් වෙනකොට ඒ ස්වාමින් වහන්සේලා තමන් ගේ හිතේ පිළිවෙත් පුරන්න තිබුණු අකැමැත්ත දුරු කරගෙන, මේ දුක්ඛිත සංසාරෙන් හිමාල පර්වතය තරම් ම දුක් ගොඩක් කෙළවර කරල දමල, සෝතාපන්න ඵලයට පත් වුනා.

+

ඉතින් ස්ත්‍රීන් ගේ නුගුණ ඉතා හොඳින් කියැවෙන මේ සුන්දර ධර්ම දේශනාවට සවන් දුන්න ඒ ස්වාමින් වහන්සේලා පන්සිය දෙනාම මේ ධර්ම දේශනාව ඉතා සතුටින් සාධුකාර නංවමින් පිළිගත්තා. ඒ ධර්ම දේශනාව අවසන් වෙනකොට ඒ ස්වාමින් වහන්සේලා තමන් ගේ හිතේ පිළිවෙත් පුරන්න තිබුණු අකැමැත්ත දුරු කරගෙන, මේ දුක්ඛිත සංසාරෙන් හිමාල පර්වතය තරම් ම දුක් ගොඩක් කෙළවර කරල දමල, සෝතාපන්න ඵලයට පත් වුනා.

ඊට පස්සේ අප ගේ ස්වාමී වූ ඒ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ, අලුතෙන් පියාසර කිරීමට පුරුදු වෙන ගුරුළු පැටවුන් ව පිටුපසින් තබා ගෙන පියඹා යන යොදුන් එකසිය පණහක් පමණ විශාල මහා තේජාන්විත ගුරුළු රාජයෙක් වගේ, ඒ පින්වත් ස්වාමින් වහන්සේලා ත් තමන් වහන්සේ ගේ සෘද්ධි බලයෙන් කැඳවාගෙන නැවත කිඹුල්වත් නුවර මහාවනයට ම වැඩම කළා.

ඉන් පස්සේ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ ඒ ස්වාමින් වහන්සේලාට තව දුරට ත් බණ භාවනා කරන හැටි ඉතා සුන්දර විදියට කියල දුන්නා. ඒ ධර්මයට අනුව අප්‍රමාදී ව බණ භාවනා කරපු ඒ පින්වත් ස්වාමින් වහන්සේලා පන්සියනම ම ඉතා ඉක්මණින් ම හැම දුකක් ම කෙළවර කරල දාල, ශාන්ත නිර්වාණය අවබෝධ කරගත්තා.

එදා ඒ උත්තම මහරහතන් වහන්සේලා පන්සියයත් සමඟ බුදු රජාණන් වහන්සේ කිඹුල්වත්නුවර මහාවනයේ වැඩ ඉන්නකොට තමයි, දසසහශ්‍රී ලෝක ධාතුවෙන් අනන්ත අප්‍රමාණ දෙව් බඹ පිරිසක් බුදු රජාණන් වහන්සේවත් ඒ රහතන් වහන්සේලාවත් දැක බලා ගන්නට මහාවනයට පැමිණුනේ. අන්න ඒ දවසේ තමයි බුදු රජාණන් වහන්සේ ඒ මහරහතන් වහන්සේලා ඇතුලු දෙව් මිනිස් ප්‍රජාවට අති උත්තම මහා සමය සූත්‍ර දේශනාව දේශනා කොට වදාළේ.

-

සාදු! සාදු!! සාදු!!!

\ No newline at end of file +

සාදු! සාදු!! සාදු!!!